ආර්ය අෂ්ටාංගික මඟ 1. සම්මා දිට්ඨි (නිවැරැදි දැක්ම)චත්තාරිසක සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය සාස්‍රව හා අනාස්‍රව වශයෙන් දෙපරිදිය.
සාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ දුන්දෙයෙහි විපාක ඇත. පූජාවෙහි විපාක ඇත. හොඳ නරක ක්‍රියාවන්ගේ විපාක ඇත. මෙලොව පරලොව ඇත. මව පියා ඇත. ඕපපාතික සත්වයෝ ඇත. දහම් මග පිළිපන් ශ්‍රමණ බමුණන් ඇත යන පිළිගැනීමයි. එම පුද්ගලයන්ට සුගතිගාමී වීමට හැකි අතර නැවත උපතකින් මිදීමට නොහැකිය.
අනාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ ලෝකය ඇති සැටියෙන් ලෝකෝත්තර ලෙස දැකීමයි. එනම් චතුරාර්ය සත්‍ය ධර්මය දක්නා නුවණයි. මෙය විදර්ශනා ප්රඥාවයි. මෙමඟින් භවයෙන් මිදීම සිදුවේ.
2. සම්මා සංකප්පකාම ව්‍යාපාද විහිංසා යන ත්‍රිවිධ සංකල්පයන්ගෙන් වෙන්විය යුතුය යන කල්පනාව සම්මා සංකප්ප යැයි මෙලෙස නෙක්ඛම්ම අව්‍යපාද අවිහිංසා යන සංකල්ප වැඩිය යුතු යැයි සිතීම ආස්‍රව සහිතව පිනට නැඹුරු උපධි විපාක සහිතවීම ආස්‍රව සමඟ සංකප්ප නම් වන නමුත් එය ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත්වන්නේ එම යහපත් කල්පනා කෙරෙහි සිත පිහිටුවීමක් විශේෂයෙන් පිහිටුවීමත් සමඟය. සරලව පැවසුවහොත් එම සංකල්ප පිළිබඳ අරමුණ සිතට වහා නංවන සුළු විතර්කයයි.
3. සම්මා වාචාබොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුෂ වචන කීමෙන් හිස් වචන කීමෙන් වෙන්වීම සම්මා වාචා නම් වේ. මෙම සතර වැදෑරුම් වාග් දුෂ්චරිතයෙන් වෙන්වීම සාස්‍රව සහිතව පින්පැත්තට නැඹුරු උපධිවිපාක සහිත සම්මා වචනයි. නමුත් මෙය ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන විට බව ම. නි. මහචත්තාරිසක සූත්‍රයේ සඳහන් කරයි.
4. සම්මා කම්මන්නප්රාණඝාතය, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යන තුන කායදුශ්චරිත හෙවත් වැරැදි ක්‍රියා ලෙස දක්වයි. මෙම වැරැදි ක්‍රියාවලින් මිදීම ආස්‍රව සහිතව පිනට නැඹුරුව උපධිවිපාක සහිත සම්මා කම්මන්තය සසර ගමන් කරයි. මෙය ලෝකෝත්තර මාර්ගංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන පුද්ගලයාගේ කායදුස්චරිතයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද එම ස්වභාවයෙන් වැඩෙන විටයි. එය භව පැවැත්ම පිණිස හේතු නොවේ.
5. සම්මා ආජීවවැරැදි දිවි පැවැත්මෙන් මිදීම සම්මා ආජීව නම් වේ. නැති ගුණ පෙන්වීම, විස්මය දනවන වචන කීම, ලාභය පිණිස ඇඟවීම් කිරීම, ලාභයෙන් ලාභය සෙවීම මිච්ඡා ආජීව බව ම.නි. 3 මහාචත්තාරිසක සූත්‍රයේ දක්වයි. සම්මා ආජීවය වන්නේ ඉහත ලක්ෂණයන්ගෙන් මිදීමයි. එසේ මිදීම ආස්‍රව සහිතව පිනට නැඹුරුව උපධිවිපාක සහිත සම්මා ආජීවයයි. නමුත් ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව ආර්ය මාර්ගය වැඩීමට ක්‍රියාකරන පුද්ගලයාගේ මිත්‍යා ආජීවයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද ඒ ස්වභාවයෙන් වැඩෙනවිටයි. (ම. නි. මහාචත්තාරිසක සුත්‍රය) මෙහිලා ආර්ය මාර්ගයේ මුල් අංග පහ ආස්‍රව සහිතව පින් පැත්තට නැඹුරුව සසර ප්‍රතිවිපාක මට්ටමෙන් ක්‍රියාත්මකවීම නිවන් මග සඳහා ප්‍රමාණවත් නොවන බැවින් මෙය ලෝකෝත්තර අංගයක් ලෙස ගැඹුරින් වැඩීම කෙසේ කළ යුත්තේ ද යන්න පැහැදිලි කර ගැනීම යෝග්‍ය වේ. දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත ආජීව යන අංග පහේ වැරැදි නිවැරැදි බව අවබෝධ කරගැනීමට මූලික වන්නේ සම්මා දිට්ඨියයි. මේ සඳහා සම්මා වායාම, සම්මා සති යන අංග දෙක ද උපකාරී වේ.
6. සම්මා වායාමසතර සම්‍යග් ප්‍රධං වීර්ය වැඩීමට අවශ්‍ය උත්සාහය සම්මා වායාමයි. වැරැදි දැකීම ඉවත් කොට නිරවද්‍ය දැකීම ඉපදවා ගැනීමට ඇති උත්සාහය සම්මා වායාම නමින් ද හැඳින් වේ. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග වැඩීමට ද ඇති උත්සාහය සම්මා වායාමයි.
7. සම්මා සතිනිවැරදි සිහියෙන් යුක්ත වී මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වීම සම්මා සතියයි. ආර්ය මාර්ගයේ මුල් අංග වන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගයන්හි එළැඹි සිහියෙන් යුක්තවීම සම්මා සතියයි. ම.නි. මහාචත්තාරික සූත්‍රයේ දක්වන්නේ සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් මඟින් ආර්ය මාර්ගයේ මුල් අංග පහ වැඩීම සිදුවන බවයි.
8. සම්මා සමාධිසම්මා සමාධි පිළිබඳ ම.නි. මහචත්තාරිසක සුත්‍ර දේශනාවේ දී සඳහන් කරන්නේ මෙසේය. සම්මා දිට්ඨිය ආදී කොට ඇති මුල් අංග සතින් සිතේ යම් එකඟ බවක්, පරිවාර බවක් වේද මහණෙනි එය සම්‍යග් සමාධි ප්‍රත්‍ය සහිත යැයි ද, පරිවාර සහිත යැයිද කියනු ලැබේ යනුවෙනි. සම්මා සමාධිය දක්වා ඇති අංග අට සේඛ ප්‍රතිපදාව ලෙස නම් කරයි. එනම් ප්‍රතිපදාවෙන් නික්මෙන අවස්ථාවක් ලෙසයි. එසේනම් සම්මාඤාණ, සම්මා විමුක්ති යන අංග දෙක පරිපූර්ණවීමෙන් ප්‍රඥාව උදාවේ. මෙම අංග දෙක සම්බන්ධ වන්නේ ප්‍රඥා ඉන්ද්‍රියට හා සමාධි ඉන්ද්‍රියට බව මෙයින් සිහිපත් කළ යුතු වේ.
ජීවත්වීම හා මාර්ග අංග අට ක්‍රියාත්මක වීම එකම දෙයක් බව
අපි සාමාන්‍ය මට්ටමේ ජීවත් වීම යනු වාචා, කම්මන්ත, ආජීව ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවක් පමණකි.වායාමය, යනු අපගේ උත්සාහයයි.
• සතිය යනු අපගේ සිහිකල්පනාවයි.
• සමාධි යනු අපගේ එකඟකමයි.
• වායාමය, සතිය හා සමාධියේ බලපෑමක් නොමැතිව කිසිම වචනයක් කතා කිරීම සිදු නොවේ.
• වායාමය, සතිය හා සමාධියේ බලපෑමක් නොමැතිව කිසිම කම්මන්තයක් සිදු නොවේ.
• වායාමය, සතිය හා සමාධියේ බලපෑමක් නොමැතිව කිසිම ආජීවනයක් සිදු නොවේ.
• වාචා, කම්මන්ත, ආජීවවල පාලනය, වායාමය , සති, සමාධිවලට අයත් වේ.
• එනම් වාචා, කම්මන්ත, ආජීව රැුකිය හැකි වේ. රැුකිය හැකි යන අර්ථයෙන් මෙම අංග ශීල කොටස ලෙස හඳුන්වයි.
• වායාමය, සතිය හා සමාධිය රැුකීමට නොහැකි වැඞීමට හැකි ධර්මයන් වේ. වැඩිය හැකි යන අර්ථයෙන් මෙම අංග සමාධි කොටස ලෙස හඳුන්වයි.
• එනම් ඇස්, කන්, නාසා ආදී එක් ඉන්ද්රියකින් ඇතුල්වන අරමුණකින් හට ගන්නා උත්සාහය වායාමය ඊළඟ ඉන්ද්‍රියේ ඇතල්වන අරමුණ තුළ පවත්වා ගත හැකි වේ.
• මේ ආකාරයට සතිය හා සමාධිය වැඩිය හැකි වේ.
• දිට්ඨි හා සංකප්ප මන සේ අභ්‍යන්තරයේ ඇති ගුප්ත කොටස් දෙකක් වේ.
• දිට්ඨි, සංකප්ප යන කොටස් රැුකීමට හෝ වැඞීමට හැකි ධර්මතා නොවේ. මෙම කොටස් අවබෝධ කර ගැනීමට හැකියාව පමණක් ඇති බැවින් ප්‍රඥා කොටස ලෙස හඳුන්වයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඞීම
• මෙම අංග සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීම යනු සත්ත්වයා ජීවත් වීමයි. එය අනාගත සංසාරය සකස් වීමයි.
• බුදු දහමේ පෙන්නුම් කරන ආකාරයට මෙම අංග වෙනස් කිරීමෙන් හෙවත් සම්මා කිරීමෙන් සංසාර ගමන නැවැත්විය හැකි වේ. මෙය නිවන් ලැබීම, තමා ගැන අවබෝධ වීම ලෙස හඳුන්වයි.
• එක් එක් අංගවල ‘‘සම්මා’’ තත්ත්වය ඉහත වගුවෙන් බලා ගත හැකි වේ.
• මෙම අංග පිළිවෙලින් සම්මා කිරීම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිම ලෙස හඳුන්වයි.
• ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඞීමේ අනුපිළිවෙලක් ඇත. එනම් පළමුව ශීල කොටසේ ඇති වාචා, කම්මන්ත, ආජීව, සම්මා කළ යුතුය. දෙවනුව සමාධි කොටසේ ඇති වායාම, සති, සමාධි, සම්මා කළ යුතු වේ. අවසානයේ ප්‍රඥා කොටසේ ඇති සංකප්ප දිට්ඨි සම්මා වේ.
• ශීල කොටසේ ඇති වාචා, කම්මන්ත, ආජීව රුකීමෙන් සම්මා කළ යුතු වේ. මෙය ශීල ශික්ෂාව ලෙස හඳුන්වයි.
• සමාධි කොටසේ ඇති වායාම, සති, සමාධි වැඞීම මගින් සම්මා කළ යුතු වේ. මෙය සමාධි ශික්ෂාව ලෙස හඳුන්වයි.
• ප්‍රඥා කොටසේ ඇති සංකප්ප, දිට්ඨි අවබෝධයෙන් සම්මා කළ යුතු වේ. ප්‍රඥා ශික්ෂාව ලෙස හඳුන්වයි.
• සමාධි කොටසේ ඇති වායාමය සම්මා කිරීම සමථ භාවනා ලෙස හඳුන්වයි.
• සමාධි කොටසේ ඇති වායාමය, සතිය, සම්මා කිරීම විපස්සනා භාවනා ලෙස හඳුන්වයි.
• සමථ භාවනා සම්මා වායාමය දියුණු කිරීමෙන් ලැබෙන සමාධිය එකඟකම අනුව රූපාවචර, අරූපාවචර, ධ්‍යාන ලබා ගත හැකි වේ.
• විපස්සනා භාවනාව සම්මා වායාම, සම්මා සති දියුණු කිරීමෙන් සම්මා සමාධිය ලබා ගත හැකි වේ. එමඟින් ප්‍රඥා ශික්ෂාවට ඇතුල්වීමට හැකියාව ලැබෙන අතර එයම දියුණු කිරීමෙන් සතර මාර්ග සතර ඵල ලැබේ.
• විපස්සනා හෝ සමථ භාවනාවක යෙදි ඇති විට වායාමය, සති, සමාධි අංගවලින් වාචා, කම්මන්ත, ආජීව අංග සම්පූර්ණයෙන් නිදහස් වන කාලය (වාචා, කම්මන්, ආජීව අතුරුදහන්වන) කාය විවේකය ලෙස හඳුන්වයි.
• කාය විවේකය හඳුනා ගැනීම භාවනාවක් සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් වේ.
• විපස්සනා හෝ සමථ භාවනාවක දී පංච නීවර්ණ ධර්ම යටපත් වී තිබෙන කාලය චිත්ත විවේකය ලෙස හඳුන්වයි. චිත්ත විවේකය, සංකප්ප හා දිට්ඨි යන අංග දෙක සම්මා කර ගැනීමට අත්‍යවශ්‍ය වේ.
• විපස්සනා භාවනාවක දී සම්මා සමාධි ලබා ගැනීමෙන් පසුව සංකප්ප හා දිට්ඨි යන අංග අවබෝධ කර ගැනීමට යොමු වේ. මෙහි දී බෝජ්ජංග ධර්ම දියුණු වන අවස්ථාව උපධි විවේකය ලෙස හඳුන්වයි.